Monday, February 25, 2013

මේක වලියකට ගිහිං වැදුන කඩු පාරක් ...........

යාලුවනේ,,,,,ඉතින් කොහොමද ..???


අද මං ලියන්න හැදුවේ මට පුංචි කාලේ වෙච්ච සීන් එකක්..මේක හරියටම උනේ 1996 දී..එතකොට මට අවරුදු 5ක් විතර ඇති...කොච්චර පුංචි උනත් මට ඒක අද වගේ මතකය්..මොකද තව පොඩ්ඩෙන් ඒ සිද්දිය හින්ද මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුන..නැත්තම් මම ඉවරෙටම් ඉවර වෙන්න තිබුන...කොහොම උනත් ඔයගොල්ලෝ පෙරකළ අකුසල කර්මයක් හින්දද කොහේද මම තාමත් ඉන්නවා...

ඉස්සර මම හිටියේ මාතර, ඒ කියන්නේ මම ඉපදුනේ මාතර.. 1 ඉඳන් 9 වසරට යනකල් ඉස්කෝලේ ගියෙත් මාතර..මාතර කිව්වට අකුරැස්ස කිට්ටුවට වෙන්න..සමහර අය මේ අකුරැස්ස ගැන  අහල ඇති..සමහර අය අහල නැතුව ඇති..කොහොම උනත් ලස්සනම ගමක් තමය් මේක.. කෙල්ලන්ට ලස්සන ලස්සන තැන් බලන්න..කොල්ලන්ට ඩ්‍රින්ක් ඒක දාන්න ඕනෑ තරම් පොට් එහෙ තියෙනවා...




දවසක් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් බාගෙට ඇඳුම් ගලවල ඔහේ සෙල්ලම් කර කර හිටිය..ඒ වෙලාවේ ගෙදර හිටියේ අම්මය් මල්ලිය විතරය්...මලයට වයස අවරුදු 1ක් වගේ..

ඒ දවස් වල අපේ ගෙදර හදාගෙන එන කාලේ..ටිකක් ලොකු පස් කන්දක් කපල එතන ෆ්ලැට් කරලා තමය් අපේ ගේ හදල තියෙන්නේ..මම ඔය කියන දවස් වල අර පස් කන්ද උඩ නැගල සෙල්ලම් කරනවා..ඒක හරියටම තිබුනේ අපේ වහල ගෑවෙන නොගෑවෙන තරමේ ලඟින්..ඔය පස් කන්ද උඩට නැගල වහල උඩට පනින ඒක තමය් මම ඒ දවස්වල කරන ලොකුම වීරකම..



ඉතින් එදත් මම ඕකම කර කර ඉන්නකොට අපේ අම්ම මට දවල්ට කන්න කතා කරා..මමත් ඉතිං ගොනා වගේ අර කන්ද උඩ ඉඳන් බිමට පැන්නේ නැතා..හැබැය් මං බිමට වැටුනේ නිකන් නෙමෙය් පපුවේ ලේ ගොඩාක් බෙරිගෙන.. ඒ දවස් වල අපේ වහලේ පිටිපස්සේ කොටස හදල තිබුනේ ටකරම් වලින්..මං පනිනකොට ඔය ටකරමක කොනක් මගේ පපුවේ ඇනිලා..ඒක දැකපු මං කෑගැහුවේ නෑ මට කෑගහුනා නිකන්ම...

අපේ අම්ම ඇවිත් වැඩේ තේරුම් ගත්තා..එයා මාව දැක්ක විතරය් මාව වඩාගෙන දුවල දුවල ගියේ අර මහිපාල කියන දොස්තර ගාවට..එය ඉන්නේ ගොඩාක් දුරින්.(කිලෝමීටර් 3ක් විතර ) ඒ දවස් වල ඒ ගමේ ත්‍රීවීල් ඒක තියා හදිස්සියකට වීල්බැරෝ එකක් වත් හොයාගන්න නැති හින්ද අම්ම මවත් වඩාගෙන පය්න්ම  තමය් දුවල තියෙන්නේ..

කොහොමහරි මාව එතනට අරගෙන ගියාම මහීපාල දොස්තර කිව්වලු මේක පිහියකින් කපල තියෙන්නේ බෙහෙත් දාන්න නම් පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරලා එන්න කියල..එත් ඒ වෙලාවේ පොලිසියට යන්න තියා මුකුත්ම හිතාගන්න විදියක් නැතුව තමය් අපේ අම්ම ඉඳල තියෙන්නේ..එය දොස්තරට වැඳලා කිව්වලු මට බෙහෙත් දාන්න කියල..අන්තිමට ඩොකා මට බෙහෙත් දාන්න කැමති වෙලා තියෙනවා..



කොහොමහරි එය මගේ පුපුවට මැහුම් දාන්න ඕනෑ කියල ඉඳිකට්ට මගේ පපුවට ලං කරද්දී මම බයේ දිව්වලු..කොහ්මහරි මෙය 3න් 4 පාරක් උත්සාහ කරලා බැරිම තැන නිකන් බෙහෙත් දාල මැහුම් දන්නේ නැතුව මාව ගෙදර යැව්වලු..

අදටත් මගේ පපුවේ අඟල් 3.5 ක විතර ලොකු තුවාල කැළලක් තියෙනවා..මාත් එක්ක එකත් ටික ටික ලොකු වෙනවා...මට කවදාවත් මේ සිද්දිය නම් අමතක වෙන්නේ නෑ..මගේ පපුව දකින හැම වෙලාවකම මට මේක මතක් වෙනවා....මගේ යාලුවෝ ඕක දැකල මේ මොකද බං උනේ කියල ඇහුවම මම කියන්නේ මේක මේ වලියකට ගිහින් වැදුන කඩු  පාරක් කියාලා.................................ඇය් කටක් ඇරලා කියන්න පුලුවන්ද මේ පුංචි කාලේ ගොනා වගේ ටකරමක් උඩට පැනල මෙහෙමෙ උනේ කියල......











8 comments:

  1. උඹ බේරිලා තියෙන්නේ වාසනාවට බන්.ඕක කපාගෙන පල්ලෙහාට වෙනකම් ගියා නම් අද මාර කෙලියයි නෙහ්?. හරි හරි ආයේ කවදාවත් ඔහොම දෙයක් නොවෙන්න වග බලාගනින්.

    ReplyDelete
  2. follow gadjet eka ellanna yaalu. nishaan thamai enna paara kiwwe

    ReplyDelete
  3. හික්ස්...
    මගේ අතිං ඔහොම වැඩ උනාම අම්මට කියන්නේ...
    “අයියෝ ඒක රිදෙන්නෑනේ“ කියලා...
    නැත්තං බැනුංනේ...

    ReplyDelete
  4. පිස්සු හැදෙනවා ඕයි...අයියෝ සල්ලි !

    ReplyDelete
  5. වැඩ බැරි ටාසන් වෙන්න ගිහින් වගේ හයියෝ මාර වැඩ තමයි කරගන්නේ

    ReplyDelete