Monday, February 25, 2013

මේක වලියකට ගිහිං වැදුන කඩු පාරක් ...........

යාලුවනේ,,,,,ඉතින් කොහොමද ..???


අද මං ලියන්න හැදුවේ මට පුංචි කාලේ වෙච්ච සීන් එකක්..මේක හරියටම උනේ 1996 දී..එතකොට මට අවරුදු 5ක් විතර ඇති...කොච්චර පුංචි උනත් මට ඒක අද වගේ මතකය්..මොකද තව පොඩ්ඩෙන් ඒ සිද්දිය හින්ද මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුන..නැත්තම් මම ඉවරෙටම් ඉවර වෙන්න තිබුන...කොහොම උනත් ඔයගොල්ලෝ පෙරකළ අකුසල කර්මයක් හින්දද කොහේද මම තාමත් ඉන්නවා...

ඉස්සර මම හිටියේ මාතර, ඒ කියන්නේ මම ඉපදුනේ මාතර.. 1 ඉඳන් 9 වසරට යනකල් ඉස්කෝලේ ගියෙත් මාතර..මාතර කිව්වට අකුරැස්ස කිට්ටුවට වෙන්න..සමහර අය මේ අකුරැස්ස ගැන  අහල ඇති..සමහර අය අහල නැතුව ඇති..කොහොම උනත් ලස්සනම ගමක් තමය් මේක.. කෙල්ලන්ට ලස්සන ලස්සන තැන් බලන්න..කොල්ලන්ට ඩ්‍රින්ක් ඒක දාන්න ඕනෑ තරම් පොට් එහෙ තියෙනවා...

Wednesday, November 7, 2012

යාචක වලියක්

ඉතින් ඉතින් කොහොමද යාලුවනේ ??
 මං අද කියන්න හදන්නේ මං මේ ලඟදි කෝච්චියේදී දැකපු පොඩි සීන් එකක්....

ඔයාලටත් බොහෝවිට මුණගැහිලා ඇති යාචකයෝ කියල කොට්ටාසයක්..මෙන්න මේ යාචකයෝ දෙන්නෙක් ගැන තමය් මම අද කියන්න යන්නේ....
මං මේක දැක්කේ දැනට සති 2 කට විතර කලින්...මං මගේ class එකේ පොඩි වැඩකට කොළඹ ගියා කෝච්චියෙන්..ඉතින් මම නැගපු ස්ටේෂන් එකේ ඉඳන් කොළඹට යන්න මන්දගාමී දුම්රියක නම් විනාඩි 30ක් විතර යනවා...සීග්‍රගාමී එකක් නම් විනාඩි 15න් 20න් වගේ යනවා...හැමදාම වෙනවා වගේ මගේ වාසනාව තිබුනේ මන්දගාමී එකක යන්න..ඒ වෙලාවේ තිබුනේ ඒ කෝච්චිය විතරය්..ඉතින් මං කෝච්චියට නැගල හොඳ ළමයෙක් වගේ ශීට් එකක ඉඳගත්තා...මං ඉතින් නරක ලමය් වගේ ෆුට් බෝඩ් එකේ යන්නේ නැහැනේ...

මෙහෙම ස්ටේෂන් 3ක් 4ක් විතර යනකොට මම හිටිය කෝච්චි පෙට්ටියට යාචකයෙක් නැග්ග...එයා එයාගේ ලොකු තුවාලයක් තියෙන කකුලක් පෙන්න පෙන්න ඒ පෙට්ටියේ හිටිය මිනිස්සුන්ගෙන් හිඟා කෑවා..මන් දැකපු විදියට මිනිස්සු කිහිප දෙනෙක්ම එයට සල්ලිත් දුන්න...ඔහොම ඊළඟට ස්ටේෂන් එකට යනකොට තව යාචකයෙක් මේ පෙට්ටියට නැග්ග...හැබය් ඒ අලුතින් නැගපු යාචකය අර කලින් හිටිය යාචකයව දැක්කේ නැහැ...ඉතින් එයත් පුරුදු  විදියට එයාගේ හිඟාකෑම කරගෙන ගියා....



ටික වෙලාවකින් අර කෝච්චියට මුලින් නැගපු කකුලේ ලොකු තුවාලයක් තියෙන යාචකය අර දෙවනියට නැගපු යාචකය ලඟට ඇවිත් මොනවද කිව්වා...හැබැය් රහසින් වගේ කිව්වේ...එක අහපු අර දෙවනි යාචකයට ටිකක් තරහ ගියා වගේ මම දැක්කේ..." මං මේකෙන් යන්නේ නෑ..උඹට ඕනේ නම් පලයන් " ඒ මිනිහ එහෙම කියනකොටය් මට තේරුනේ අර යාචකය මොනවද රහසින් කිව්වේ කියල....එතකොටම අර පලවෙනි යාචකය...(තුවාලයක් තියෙන මිනිහ) කෝච්චියට දෙවනියට නගපු යාචකයට මහා නරක විදියට බනින්න පටන් ගත්ත..මට මතක විදියට මිනිහ ගොඩක්ම බැන්නේ ඒ මිනිහගේ අම්මට....එතකොට අර දෙවනි යාචකය එතන හිටිය මගියෙකුට හය්යෙන් මුළු පෙට්ටියටම ඇහෙන විදියට කිව්වා "මහත්තයෝ මේ මිනිහ බොරු කරන්නේ..මේ මිනිහට මේ තුවාලේ හොඳ කරගන්න ඕන කමක් නැහැ..මේ මිනිහ මේ තුවාලෙට හැමදාම රෑට  සබන් බඳිනවා මේක වැඩි වෙන්න කියල...මේ මිනිහ මේ තුවාලේ පෙන්න පෙන්න හිඟාකන්නේ කපටි කමට" කියල.....

ඉතිං මේ කතාව අහපු අර පලවෙනි යාචකයට කොහොම මලක් පනින්න ඇති කියලද ඔයාල හිතන්නේ?? මිනිහ එක පාරටම අර අනිත් හිඟන්නට ගහන්න වගේ පැන්න...එතන හිටිය ටිකක් උස මහත අඟ පත තියෙන මං වගේ පොරක් පැනල අර හිඟන්නාගේ උරහිසෙන් අල්ලලා හය්යෙන් තල්ලු කරල " මේක මිනිස්සු යන එන කෝච්චියක්..තොපිල මේ විදියට මෙතන රණ්ඩු කරොත් දෙන්නවම අල්ලලා කෝච්චියෙන් එලියද දානවා" කිව්වා....ඒ කතාවටනම් දෙන්නම් ගොඩක් බය උනා...ඊට පස්සේ කිසිම හිඟා කෑමක් වත් තියා සද්දයක් වත් නැතුව අර යාචකයෝ දෙන්න ඊළඟ ස්ටේෂමෙන් බැහැල යන්න ගියා...

ඉතින් ඔයාලට මොනවද හිතෙන්නේ???
මට නම් හිතෙන්නේ මේ හිඟන්නෝ විදියට ගොඩක් ඉන්නේ බොරු කරන මිනිස්සු කියල..ඇත්තටම අසරණ මිනිස්සු ඇති...ඒ මිනිස්සුන්ටත් අනිත් අයගෙන් සරණක් නැති වෙනවා මේ වගේ හොර යාචකයෝ හින්ද...කොහොම උනත් මට නම් ගොඩක් අමාරුය් ඇත්ත යාචකයෝ කව්ද ? බොරු යාචකයෝ කව්ද කියල හොයාගන්න...
 


එහෙනම් අයෙත් වෙන පොස්ට් එකකින් සෙට් වෙමු....
හැමෝටම ජය...!!!!






Thursday, November 1, 2012

අම්මය් පුතය්




යාලුවනේ කොහොමද ඉතින්,
මං කියන්න යන්නේ මේ ලඟදි දැකපු පොඩි සිද්දියක්....ඇත්තම මේක හුඟක් ගුණයහපත් පුතෙක් ගැන කතාවක්...
මං දවසක් මගේ යාලුවෙක් වැඩ කරන පුද්ගලික රෝහලකට ගියා මගේ යාළුවව හම්බ වෙන්න..මගේ පොඩි වැඩකට ගියේ...ඉතින් උගේ වැඩ ටිකක් අඩු වෙනකල් මට මේ හොස්පිටල් එකේ OPD එකට වෙලා වාදී වෙලා ඉන්න උනා...ඒ කියන්නේ බාහිර රෝගී අංශය...ඒ වෙලාවේ එතන හිටියේ එක ලෙඩෙක් විතරය්..එයට ඇවිදින්න බැහැ...මම දැකපු විදියට මුත්‍ර කරන්නත් බටයක් දල තිබුනා..වයස අවරුදු 80 කට වඩා වැඩි ඇති. .
මේ වයසක අම්ම ඇවිත් හිටියේ එයාගේ පුතත් එක්ක..බෙහෙත් අරගෙන ඉවර වෙලා ඒ අම්මව Dressing Room එකට ගත්ත කකුලේ තිබුනා ලිකු තුවලෙකට බෙහෙත් දාන්න...ඉතින් අම්මගේ තුවාලෙට බෙහෙත් දාල ඉවර වෙනකල් අර පුතා ඇවිත් මං වැඩි වෙලා ඉන්න පුටුවෙන් ඉඳගත්ත...මට හිතුන මේ පුතත් එක්ක වචනයක් 2 ක් කතා කරලා බලන්න...

Tuesday, October 30, 2012

රැන්ඩියා ගේ පිවිසුම.....


කොහොමද යාලුවනේ..?
ඔන්න රැන්ඩියත් හා හා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා...
ඔයාලගේ ෆුල් සප් ඒක බලාපරොත්තු වෙනවා හොඳේ...
මං මේ බ්ලොග් සබ්ජෙට් එකට අලුත් නිසා වෙන වැරදි වලට හිනා වෙන්නෙපා...

මගේ අත්දැකීම් වලින් තමය් මේක ලියන්න හිතන් ඉන්නේ...බොරු අත්දැකීම් නෙමෙය් අමුලීක ඇත්ත හොඳේ......

මගේ ලිපි කියවල මතක් කරලා  ලෝබ නැතුව පොඩි කොමන්ට් එකක් තියපල්ලා හොඳේ....
හැමෝටම ජය....
උම්මා... :* ;)