අම්මය් පුතය්
යාලුවනේ කොහොමද ඉතින්,
මං කියන්න යන්නේ මේ ලඟදි දැකපු පොඩි සිද්දියක්....ඇත්තම මේක හුඟක් ගුණයහපත් පුතෙක් ගැන කතාවක්...
මං දවසක් මගේ යාලුවෙක් වැඩ කරන පුද්ගලික රෝහලකට ගියා මගේ යාළුවව හම්බ වෙන්න..මගේ පොඩි වැඩකට ගියේ...ඉතින් උගේ වැඩ ටිකක් අඩු වෙනකල් මට මේ හොස්පිටල් එකේ OPD එකට වෙලා වාදී වෙලා ඉන්න උනා...ඒ කියන්නේ බාහිර රෝගී අංශය...ඒ වෙලාවේ එතන හිටියේ එක ලෙඩෙක් විතරය්..එයට ඇවිදින්න බැහැ...මම දැකපු විදියට මුත්‍ර කරන්නත් බටයක් දල තිබුනා..වයස අවරුදු 80 කට වඩා වැඩි ඇති. .
මේ වයසක අම්ම ඇවිත් හිටියේ එයාගේ පුතත් එක්ක..බෙහෙත් අරගෙන ඉවර වෙලා ඒ අම්මව Dressing Room එකට ගත්ත කකුලේ තිබුනා ලිකු තුවලෙකට බෙහෙත් දාන්න...ඉතින් අම්මගේ තුවාලෙට බෙහෙත් දාල ඉවර වෙනකල් අර පුතා ඇවිත් මං වැඩි වෙලා ඉන්න පුටුවෙන් ඉඳගත්ත...මට හිතුන මේ පුතත් එක්ක වචනයක් 2 ක් කතා කරලා බලන්න...
ඒ ඔයාගේ අම්මාද??? මං ලාවට වගේ කතාව පටන් ගත්තා...ඔව්....ඒයා හිනාවෙලා වගේ උත්තර දුන්නා...මොනවද එයාට වෙලා තියෙන්නේ??එයාට දියවැඩියාව ඉතියෙනවා...කකුලේ ලොකු තුවාලයක් තියෙනවා..දැන් අවුදු 2ක් විතර..හොඳ වෙන්නේ නෑ..එක දිගටම තියෙනවා...එයා කියපු දේට මට පුදුම හිතුනා..කාටවත් පුලුවන්ද අවරුදු 2 ක් ලොකු තුවාලයක් කකුලේ තියන් ඉන්න
මෙහෙම ටික වෙලාවකින් අර අම්මා එලියට ආව..එයා රෝද පුටුවේ අරන් ගිහින් තමය් අර පුතා ආපු Taxi එකට දාගත්තේ... ඒ පුතාට තනියම අම්මව ඒකට දාන්න අමාරු හින්ද මාත් ගිහින් උදව්වක් දුන්න... බොහොම ස්තුතිය් පුතේ කියපු අර මනුස්සයා එයම taxi එක ස්ටාට් කරන අම්මවත් අරගෙන යන්න ගියා...
පුදුමය් උඹ පින් අතේ වඩාත් කරනවනේ...අර මගේ යාළුවා මං කරපු දේ බලන් ඉඳල...උ මාවත් අඬගහගෙන උගේ ඔෆිස් ඒකට ගියා,
කව්ද බං ඒ මනුස්සයා...මිනිහ අම්මට ගොඩක් අදරෙය් වගේ...මං යාලුවගෙන් ඇහුව...
ඔව් මචන්...ඔය මිනිස්සු දැන් අව්රුද්දක් විතර ඉඳන් මෙහෙන් බෙහෙත් ගන්නේ..ඒ අම්මට තියෙන තුවාලේ කවදාවත් හොඳ වෙන්නේ නැහැ එයාට තියෙන දියවැඩියාව හින්ද..ඔය ආපු පිරිමි මනුස්සයා ඒ අම්මගේ පුතා...threewheel එකක් ඩ්‍රය්ව් කරලා තමය් එයාල ජිවත් වෙන්නේ..ඒ මනුස්සයට ඔය අම්මගේ බෙහෙත් වලටම විතරක් මාසෙට රුපියල් 15000ක් විතර යනවා...තව ලමය් 3න් දෙනෙක් ඉන්නවා එයාට ...බොහොම අමාරුවෙන් ජිවත් වෙන පව්ලක් ඒක..මගේ යාළුවා එහෙම කිව්වම ඇත්තටම මට ගොඩක් දුක හිතුනා...
අද කාලේ කොච්චර සල්ලි තිබුනත් තමන්ගේ අම්මව තාත්තව මහලු මඩම් වලට දාන මිනිස්සු ඉන්නේ..ඒ වගේ මිනිස්සු අතරේ මේ දුප්පත් මනුස්සයා දෙවියෙක් කියලය් මට හිතෙන්නේ...
ඔන්න ලිව්වා මගේ පලවෙනි පොස්ට් ඒක...වැරදි තියෙනවනම් සමා බාජනය කරන්න...හිතේ තියෙන දෙයක් කොමන්ට් කරන්න අමතක කරන්නෙපා...
හැමෝටම ජය!!!!!!!!!
නියමයි මචන් ඕක තමා මනුස්ස කම කියන්නේ.උඹ උදව් කරපු එකත් එළ.මොකද මාත් ඔය අත්දැකීමම දැකලා තියෙනවා ඒ වගේ වෙලාවට අපිට උදව් කරන මිනිස්සුන්ව මට පෙනුනේ දෙවිවරු වගේ.අපි ඒ අම්මට ඉක්මන් සුවය පතමු.
ReplyDeleteඋඹේ පෝස්ට් එක එළ බන් සිරා.
(කොමන්ට් කරද්දී වැටෙන වෝඩ් වෙරිෆිකේෂන් එක අයින් කරපන්.)
තැන්කිව් මචං නිශාන්......
Deleteමනුස්සකම තමයි..ඒත් ඕක හැමෝගෙන්ම හොයාගන්න අමාරුයි..ඔහොම මිනිස්සුන්ට පුංචි හරි උදව්වක් කරන මිනිස්සු ගාව ඊටත් වඩා මනුස්සකම් තියනවා..නැත්තන් ගොඩකේ ඉන්නෙ මගඇරලා යන අයනේ..
ReplyDeleteජය පතනවා!! දිගටම ලියන්න..අපිත් එනවා පෝස්ට් බලන්න..ඉක්මනටම ෆලෝවර් එකකුයි,ලයික් බොක්ස් එකකුයිත් දාන්න..
ඔකේ ශම්මි...තැන්ක්ස් ඔයගොල්ලන්ගේ ඔය අදහස් මට ගොඩාක් වටිනවා..
Delete